වේසාලි වත
වේසාලි
මහවනේ අඹ තුරක සෙවන යට
අම්බලන්
නිවැසියා වච්ච-ගොත්තව හමුව
ඔහු
වෙසෙන ගස යටම ඔහු සමග වාඩිගෙන
මාන්නය
මුලිනුපුට මුනිතුමා
කෝ කොහිද සොයා යමු සොයා ගමු ඒ නෙළුම
නෙළුම්
පත මත වැතිරි දිය බිඳක්මැයි ලකුණ
පිරිසිදුයි
උජු-සුජූය අනථිමානිය දිලෙය
තථාගත, උහුන් තැන තැන කියයි මා සැලෙයි
විශ්වයම
දන්නෙහිද සියල්ලම දන්නෙහිද?
නොසඟවා
පවසන්න සියළු දෙය දන්නෙහිද
වේසාලි
පුර ඇසෙන ඒ කිමැයි පවසන්න
නොදන්නෙමි
මා වච්ච මා දන්නෙ නැති බවයි
ලොවේ
ඇති හිස් බවයි ඉමක් නැති හිස් බවයි
කෝ කොහිද සොයා යමු සොයා ගමු ඒ භවන
කපා
දා බැඳුණු බැමි නැවත නොබැඳෙන ලෙසට
පෙනෙන
ලෙස මා දෑස් වසාගෙන බැඳ දෙනෙත
නොදැනෙන්න
ගඳ සුවඳ රස නොරස සුමුදු බව
වසා
දා සියළු දොර නැවත නො-ඇරෙන ලෙසට
වෙසෙමි
මා බිම වච්ච කෙළෙස මා දන්නෙමිද
විශ්වයම
නුඹ කියන සියළු දේ උහු කියන
දනිමි මා
හිස්ය ලොව ශූන්‍යය නො-ඇලේය
කෝ
කොහිද සොයා යමු සොයා ගමු ඒ පහස
තථාගත
ඔබ කියන සිතළු නැසු ඒ අරුණ
මගක් වෙද ඒ ගැබට යනු කෙළෙස පවසන්න

No comments:
Post a Comment