අධ්‍යාපන චාරිකාවක්
අනුරාධපුර රාජධානිය
- අධ්‍යාපන චාරිකාවට
පාසලේ ළමයින් කැටුව
ගිය - ගුරුතුමී ගේ මූණ රතු කළ
දියණියකි ඈ නළල අඩ සඳ
නිහඬවම හිඳ දකී විනිවිද
රුවන්මැලි මහ සෑය අද්දර
- හොරණෑව හඬ නගා කිව් නම
විමසද්දි දුටු ගැමුණු
රජ ගැන - ගුරුතුමිය කියනවා ඇහුනා
‘නිර්මාණි පව් පුරව
ගන්නද
අහන්නේ ඔය වගේ ප්‍රශ්නම’
පුදුම වී නිර්මාණි ඇහුවා
- ටීචර් බුදු දහමට කියා දුන්
පස් පවම මට හොඳට මතකයි
- මුසාවාද ද මන් ඇහැව්වේ
මන් ඇහුවෙ දුටු ගැමුණු
රජු ගැන
ඇදපු කරගැහු ගල් ගඩොල්
ගැන
ඉතිහාසෙ දැන් උගන්නන්
නෑ - නිර්මාණි ලොකු පංතියේදී
ඉගන ගත්තැකි ඕව ඔක්කොම
- දැන් වඳින්නකො යන් පරක්කුයි
බලන්නකො මේ විහාරේ උස
සිරිමහා බෝධියත් අර
ළඟ
ළමයි දුව දුව වැලි මළුවෙ
සිරි
බලද්දී නිර්මාණි ගේ
නෙත්
රන්වැටේ ගැටෙමින් තිබූයුරු
ටීචර් දැක්කා ඈත ඉඳගෙන
සිරි මහා බෝධිය වඳිද්දී
- ටීචර් නිර්මාණිගෙ ළඟින් හිඳ
සෙමෙන් කිව්වා කණට ලංවී
- ‘සාධු ඉන්නව කතා නොකරන්’
උඩට යන්නට බැරිද ටීචර්ට
සාධු ගිය පසු නැවත ඇහුවා
බෝමළුව ඇතුලටම අපි යමු
ටීචර්ගෙන් නිර්මාණි
ඇහුවා
ඇහිඳගෙන වැලිමළුවෙ ටීචර්
බෝ කොලේ ලස්සනද ඇහුවා
- ඩී අමරසිරි ගුනවර්ධන
No comments:
Post a Comment